Friday, June 5, 2026
spot_img
spot_img

කෙහෙළියගේ තවත් නඩුවකට දින දිලා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (26) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අවසර ලබා දුන්නා.

ඉන් අනතුරුව නඩු විභාගය ජූලි මස 22 වනදා පැවැත්වීමටද දින නියම වුණා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

2012 වසරේ මාර්තු මස 15 ම වසරේ අප්‍රෙල් මස 15 වනදා අතර කාලසීමාව තුළ එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000ක පමණ මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළ දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙන බවට වාර්තා වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...