spot_img
spot_img

නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ – කථානායක රංවල ?

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබෙනවා.

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතයි.

අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීම සිදුවනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදි පිරිනැමීමට නියමිත බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...