spot_img
spot_img

රට පුරා ඩෙංගු රෝගීන් 45,000 ඉක්මවයි

දිවයින පුරා පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. පවතින මෙම බරපතළ සෞඛ්‍ය තත්ත්වය හමුවේ දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස සංඛ්‍යාව 112 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

විමර්ශන වාර්තාවලට අනුව මේ වන විට දිවයිනේ සෙසු ප්‍රදේශ අභිබවා කොළඹ දිස්ත්‍රික්කයට අයත් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සහ ඉහළම ව්‍යාප්තියක් වාර්තා වී තිබෙනවා.

මෙම අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා තම තමන්ගේ අවට පරිශ්‍රයන්හි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...