අද (14) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය.
අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 297.13ක වර්ධනයක් සනිටුහන් කරමින් ඒකක 18,838.39 ක් ලෙස සටහන් විය.
මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 167.15 කින් ඉහළ ගොස් ඒකක 5,653.65ක් ලෙසින් සටහන් වු අතර ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 9.49ක් ලෙසින් වාර්තා විය.
Comments




