spot_img
spot_img

ඓතිහාසික ඇසළ පෙරහැරට දින නියම වෙයි

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යය සඳහා දින නියම කර තිබේ.

අද (19) දින ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇති පරිදි එළඹෙන ජුලි මස 25 වනදා සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට දින නියමකර තිබේ.

ඒ අනුව දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කිරීමට නියමිතයි.

දියවඩන නිලමේවරයා පැවසුවේ කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වැනි දා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දිනය වන අගෝස්තු 08 වැනි දා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...