spot_img
spot_img

නරක් වූ මාළු කන්ටේනර් ගැන කෝපා කමිටුව දුන් තීරණය

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එම කන්ටේනර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රේගු නිලධාරීන් ඉතා උනන්දුවකින් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන බවත්, එම උනන්දුව අනෙකුත් කටයුතු සඳහාද තිබිය යුතු බවත්, සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ, නරක් වූ සහ ආහාරයට නුසුදුසු මාළු වර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න සහගත බවයි.

පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය සැමන් නිෂ්පාදනයවීම හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී සඳහන් කෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...