spot_img
spot_img

රූපවාහිනියෙන් ඩයනාට නඩු පවරන්න සුදානම් ?

සැප්තැම්බර් මස පැවැති නවගමුව පෙරහර සඳහා සජීවී ලෙස විකාශය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැරි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එම හිග මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් තවමත් එම මුදල ගෙවා නැති බවට ජාතික රූපවාහිනි සංස්ථාව පවසනවා.

එම හේතුවෙන් එම හිඟ මුදල නොපමාව ගෙවීම් නොකළහොත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි සංස්ථාවේ ගිණුම් අංශයේ උසස් නිලධාරියකු පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති පැවසූවේ රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල නොගෙවීමෙන් සංස්ථාවට විශාල ගැටලුවක් මතු වී ඇති බවයි.

එම සජීවී විකාශය ලබාදී තිබුණේ විකාශය සඳහා වැයවන මුදල තමාගේ අතින් ගෙවන බවට ඇය රූපවාහිනි සංස්ථාවට ලිඛිතව දැන්වීමෙන් පසුව බව සඳහන්.

මේ අතර මෙම හිඟ මුදල වහාම අයකර ගැනීමට කටයුතු කරන ලෙසට රූපවාහිනි සංස්ථාවේ සේවකයින් බලපෑම් කරන බවටද වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...