එක්ස්පෝ ඔසාකා 2025 ප්‍රදර්ශනය අතරතුර ඊයේ (26) ජපානයේ ඔසාකාහි ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලාංකීය තේ ජපානය තුළ තවදුරටත් ප්‍රචලිත කිරීමේ වැඩසටහනකදී නව ගිනස් වාර්ථාවක් පිහිටවනු ලැබුවා.
එහිදී පැවැත්වූ තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාවෙන් ඉදිරිපත් කළ Black Tea කිලෝවක් ඇමරිකානු ඩොලර් 835 බැගින් අලෙවි විය.
ගිනස් වාර්තාවේ සඳහන් වූයේ එය මෙතෙක් ඉතිහාසයේ තේ කිලෝවක් සඳහා හිමි වූ ඉහලම මිල ලෙසයි.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පුබුදු ගුණසේකර සඳහන් කළේ
, “මෙය නිව් විතානකන්දට පමණක් ලැබුණු ජයග්‍රහණයක් නොව, සිලෝන් තේවල අසමසම ගුණාත්මක භාවය, උරුමය සහ ශිල්පීය හැකියාව පිළිබඳ ගෝලීය අවධානය යොමු කිරීමක්” ලෙසයි. මෙම ඇදහිය නොහැකි ජයග්‍රහණය පිටුපස සිටි සෑම දෙනාටම හෘදයාංගම සුබ පැතුම්. මෙය ශ්‍රී ලංකාවට අභිමානය ගෙන දුන් අවස්ථාවක් වන අතර, අපගේ දේශීය විශිෂ්ටත්වය ලෝක මට්ටමේ පිළිගැනීමක් ලබා ගත හැකි බවට මතක් කිරීමක්”
බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




