Tuesday, April 21, 2026
spot_img
spot_img

මහ බැංකු ලොක්කන්ට පක්ෂ නායකයිගෙන් දොස්

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සිය වැටුප 70% කින් ඉහළ නංවා ගැනීම නීතියට පටහැනිව සිදු කර ඇති බව පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (05) අනාවරණයවි තිබුණා.

ඒ එම කාරක සභා හමුවට මහ බැංකු නිලධාරීන් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.

තවද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමටද කැඳවූ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් එහිදී දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

තමා දැනුවත් නොකර සිදුකර ගත් මෙම වැටුප් වැඩිකර ගැනීම බරපතල කරුණක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරේදා(04) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවසා තිබුණා .

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛ පවා නිකුත් කර තිබෙන පසුබිමක රුපියල් ලක්ෂ ගණනින් මහ බැංකු සේවකයින් සිය වැටුප් වැඩි කර ගැනිම සිදුකර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා කැබිනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධයක්ද එල්ල වුණා.

එමෙන්ම මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී පක්ෂ නායකයින් තර්ක කර ඇත්තේ මෙලෙස වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඔවුනට නෛතික බලයක් නොමැති බවයි.

අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අතර මහ බැංකු අධිපතිවරයා, මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, නීතිපති දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළුව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් සහභාගී කරවා ගැනීමට මහ බැංකු අධිපතිවරයා මෙහිදී උත්සාහ දරා ඇති අතර ඊට කාරක සභාව එකඟ වී නැහැ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...