spot_img
spot_img

සමගි ජන බල සන්ධානයට මන්ත්‍රීවරු 35ක්

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින්, මන්ත්‍රීවරුන් 35 දෙනෙකුට වැඩි පිරිසකගේ එකතුවක් සමග අගෝස්තු 08 වැනිදා සමගි ජනබල සන්ධානයට අදාළ ගිවිසුමට එළැඹෙන බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

සමගි ජන බලවේගය හා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අතර පසුගිය අප්‍රේල් 05 වන දා සමගි ජන බල සන්ධානය සඳහා වන ගිවිසුමට අත්සන් තැබුවා.

සමගි ජන බලවේගය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින්.

ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් ගිවිසුමට අත්සන් තැබූ සෙසු පිරිසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...