spot_img
spot_img

කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ස්ථිරව ඉවත් කළ නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පැවැසුවේය.

සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බව මෝසම විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබිණ.

ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල විය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...