spot_img
spot_img

කබ්රාල් ඇතුළු සිව් දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාර දෙයි

2012 වසරේ ග්‍රීකය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන අවස්ථාවක මෙරට රජයට අයත් මුදල් ග්‍රික බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන්නා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත්, විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත්, නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...