spot_img
spot_img

සා/පෙළ ප්‍රතිඵලවලට පෙර උ/පෙළ පන්ති අරඹන්න කැබිනට් අනුමැතිය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරපත් කළ යෝජනාවකට අනුවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනි දා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

නව වැඩපිළිවෙළට පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ එකඟත්වය ද මීට පෙර ලැබී තිබුණි.

ඒ අනුව, සාමාන්‍ය පෙළ දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්වල සිසුන් ආසන්නතම පාසල් වෙත උසස් පෙළ වෙනුවෙන් යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශය සඳහන් කළේ, උසස් පෙළ පන්ති පැවැත්වෙන නමුත් යම් විෂය ධාරාවක් එම පාසලේ ඉගැන්වීම් සිදු නොවන්නේ නම්, අදාළ විෂය ධාරාව සහිත පාසලකට සිසුන් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව එය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...