spot_img
spot_img

රේගුවේ ප්‍රමාදයෙන් BYD පාරිභෝගිකයින් පාරට බසියි

BYD විදුලි මෝටර් රථ පෙර ඇනවුම්කරුවන් පිරිසක් අද කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ තමන් පෙර ඇනවුම්කළ BYD විදුලි මෝටර් රථ නිසි වෙලාවට ලබා නොදීමට එරෙහිව ඒවා තමන්ට කඩිනමින් ලබාදෙන ලෙසට බලධාරීන්ට බලකරමින්. මෙහිදී විරෝධතාකරුවන් සදහන් කර සිටියේ ඇනවුම්කළ BYD රථ, තවදුරටත් කල්මරමින් නොසිට තමන් වෙත ලබාදීම සදහා බලධාරීන් කඩිනමින් මැදිහත්විය යුතු බවටයි. රේගුව විසින් මෝටර් රථ රඳවා තබා ගැනීම හේතුවෙන් පෙර මුදල් ඇනවුම් ලබා දී මෝටර් රථ වෙන් කරවා ගත් පාරිභෝගිකයින් මාස කිහිපයක් පුරා අපහසුතාවයට පත් වීම හේතුවෙන් මින් ඉහතදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් රේගුවට සහ රජයට මේ සම්බන්ධයෙන් ප්‍රමිතිගත ජාත්‍යන්තර ක්‍රමවේද යටතේ කඩිනම් පරීක්ෂණයක් සිදු කර රඳවා ගෙන සිටින BYD මෝටර් රථ නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. නමුත් ඒ පිළිබඳව නිසි බලධාරීන් කඩිනම් වගකිවයුතු ක්‍රියාශීලි පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් ඔවුන් මහත් කැළඹීමට පත්ව සිටිනු දක්නට ලැබිණි.

BYD මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ඇරඹීමත් සමඟ මෙරට මෝටර් රථ ක්ෂේත්‍ර උඩි යටිකුරු වන්නට විය. ඊට හේතුව වුයේ වසර ගණනාවක් අලුත්ම මෝටර් රථයක් මිලදී ගැනීමේ අශාවෙන් මෝටර් රථ ආනයන සීමා ලිහිල් කරන තෙක් බලා සිටි පාරිභෝගිකයින් බහුතරයක් සම්ප්‍රධායික අභ්‍යන්තර දහන ඉන්ධන මෝටර් රථ වෙනුවට විද්‍යුත් EV මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹීමත් සමගය. මුල්‍ය වාසිය, නව්‍ය තාක්ෂනය,සුව පහසුව, ආරක්ෂාව, පාවිච්චි කරන ලද වාහනයක මිලට වඩා අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව, පාරිසරික සහජිවනය ආදී කරුණු රාශියක් හේතුවෙන් BYD ඉල්ලුම අතිශය තරඟකාරී ලෙස ඉහළ ගිය අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ පැරණි වාහන අලෙවියට අභියෝග කරමින් සිය වෙළඳපොල කොටස සීග්‍රයෙන් වර්ධනය කර ගැනීමට BYD මෝටර් රථ මෙරටට ආනයනය කරනු ලබන JKCG සමාගම සමත් විය.

මෙම තරඟකාරී වෙළඳපොල ක්‍රියාකාරිත්වය හමුවේ විවිධ බලපෑම් සමඟින් ශ්‍රී ලංකා රේගුව සම්ප්‍රධායික වාහන නිෂ්පාදන සමාගමේ දත්ත මත පදනම්ව වාහන රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදයට බාහිරව BYD මෝටර් රථ වරායේ රඳවා ගැනීමේ ගැටළුකාරී තත්වය නිසා BYD වාහන පෙර ඇණවුම් කර අත්තිකාරම් ගෙවා බලා සිටි පාරිභෝගිකයින්ට සිය මෝටර් රථය JKCG කාල සටහනට අනුව ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබිණි. අද කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කිරීමට මුලික හේතුව වුයේ ද මෙම කරුණයි.

ශ්‍රී ලංකාවේ ඉහළම විශ්වාසය දිනූ සන්නාම නාම ඇති ව්‍යාපාර රැසක හිමිකරු වන ජෝන් කීල්ස් සමූහය මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද, සමාගම ගනුදෙනුකරුවන්ට මුල් තැන ලබා දෙමින් මින් ඉහතදී පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශයක් මත පදනම්ව, සිය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ බැඳීම තව දුරටත් තහවුරු කරමින්, John Keells CG Auto (JKCG) සමාගම ලෙස සිය පාරිභෝගික ජනතාවට මෙතෙක් මෝටර් රථ ඉතිහාසයේ සමාගමක් ලබා දුන් සුවිශේෂී සහන ද පිරිනමනු දක්නට ලැබිණි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...