#BREAKING
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වු බවට වාර්තා වනවා.
ඔහුගේ වයස අවුරුදු 91 ක්.
සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
1933 පෙබරවාරි 5 උපත ලැබූ සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රථමවරට තේරී පත්වූවේ 1977 වසරේදීයි.
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ඉසිලූ ඔහු 2015 සිට 2018 දෙසැම්බර් තෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ද හොබවනු ලැබුවා.
එමෙන්ම ඔහු නීතීඥවරයෙකු ද වූවා.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා පාර්ලිමේන්තුවෙන් මාස තුනක නිවාඩු අනුමත කරගත් එතුමා අභාවප්‍රාප්ත වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
திரு சம்பந்தன் 91 வயதில் சற்றுமுன் காலமானார்.
ஆர் சம்பந்தன் ஐயா அவர்கள் இலங்கை தமிழரசு கட்சி மற்றும் தமிழ் தேசிய கூட்டமைப்பின் தலைவராவார்.
கொழும்பில் தனியார் மருத்துவமனை ஒன்றில் அனுமதிக்கப்பட்டிருந்த வேளையிலேயே இன்று இரவு அவர் காலமானார்.
30.06.2024




