සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) දින කටයුතු කර තිබෙනවා.
ඒ අනුව 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කර තිබෙනවා.
එමෙන්ම 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරයට හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතායි පත් කර ඇත්තේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කර තිබෙනවා.
Comments




