spot_img
spot_img

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ, මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛන ගත කර ඇති බවයි.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන්නා වට්ස්ඇප් දුරකථන අංකයක් ජනතා සහභාගීත්වය තහවුරු කරන්න. අධික දුම් පිටවෙන වාහනයක් යනවා නම් ස්ථානය, වේලාව, දිනය සහ වාහන අංකය සඳහන් කර වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ලබාදෙන්න කියලා. එවිට අදාළ වාහනහිමියන්ට කැඳවීමක් කරනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යලයකට ගෙනත් පෙන්වන්න කියලා. එතැනදීත් ප්‍රතිචාර නැත්නම් වාහනය අසාදු ලේඛනගත වෙනවා. පසුගිය වසරේ 1800ක් විතර පැමිණිලි ලැබුණා. ඉන් කැඳවීම් කරලා අවසාන වශයෙන් අසාදු ලේඛනගත කළේ 200ක් වගේ. මේ අවුරුද්දේ 517ක් තොරතුරු ලැබිලා තියෙනවා එයින් 93ක් පමණ අසාදු ලේඛන ගත කළා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...