රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කමිටුව පෙන්වා දී ඇතැයි වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළා.
විපක්ෂයේ පිරිසක් ඔවුන්ගේ පරණ පව් වසා ගැනීමට මෙම සිද්ධිය ජරා විදියට දේශපාලනයට යොදා ගැනීමට ගොස් පච වුණු බව පැවසූ අමාත්‍යවරයා සිද්ධියේ සියලු සුලමුල ඉදිරියේදී හෙළිවනු ඇතැයිද සඳහන් කළා.
Comments




