spot_img
spot_img

රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙළයි

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.

වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරීය.

එසේ වුවත් මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පශු වෛද්‍යවරුවන් පැවසීය.

කෙසේවෙතත් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් පසට හැරවීම සිදුකර තිබුණි.

මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වනජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබුණේ මහත් පරිශ්‍රමයක් දරමිනි.

භාතිය වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කියන අවුරුදු 30 – 35 අතර වයසක පසුවන කාගෙත් අවදානයට ලක්වූ හස්ති රාජයෙකි.

අවස්ථා කිහිපයකදීම හස්තියා වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම් නිසා හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවී මෙලෙස අද උදෑසන ජීවිතය හැර ගියේ රටම කම්පාවට පත්කරවමිනි.

පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක හස්තියා සතියක පමණ කාලයක් වැතිර සිටියේය.

නිකවැරටිය වනජීවි කලාපය තුළදී මෙම ඇතා වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බවට මුල්වරට ගම්වාසින් නිරීක්ෂණය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීය.

ඉන් අනතුරුව ඉකුත් මැයි මාසයේදී තවත් වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි භාතිය දක්නට ලැබී ඇත්තේ ඊට කිලෝමීටර් 20කට ආසන්න දුරිකින් පිහිටි මහව වනජීවි කලාපය තුළදීය.

ඒ අනුව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය හස්තියාට ප්‍රතිකාර කිරීම ඇරඹුවද සම්පූර්ණයෙන් සුවය නොලැබූ භාතිය ඉන්පසුවද වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇතැයි වාර්තා වේ.

එලෙස කන ප්‍රදේශයටත්, පාදයකටත් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් දිනෙන් දින දුර්වල තත්ත්වයට පත්වූ හස්තියා අවස්ථා කිහිපයකදීම ස්ථාන කිහිපයකම දණින් වැටී තිබුණි.

ඉතා අසාධ්‍යව දුක්විඳිමින් සිටි භාතිය අද උදෑසන රටම හඬවමින් අවසන් හුස්ම පොඳ වාතලයට එක් කරමින් නික්ම ගියේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...