Tuesday, May 5, 2026
spot_img
spot_img

බංග්ලාදේශය අසීරු අඩියක

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටිනවා.

එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා

කසුන් රාජිත සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව, තරගයේ ජයග්‍රහණය ලැබීමට නම් බංග්ලාදේශයට තවත් ලකුණු 464ක් රැස්කළ යුතු වෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළා.

හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමග කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කරගත්තා.

එමෙන්ම, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා අද සිය 12 වන ටෙස්ට් ශතකය රැස්කරගැනීමට සමත් වුණා.

ලකුණු 108 ක් රැස්කරගත් ධනංජය හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් එල්ල කළා..

කමිඳු මෙන්ඩිස් සහ ධනංජය සිල්වා විසින් පළමු ඉනිමේදී ද ශතකයක් රැස්කිරීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී මෙහිදි හසන් මිරාස් ලකුණු 74කට කඩුලු 4ක් දවාගත්තා.

එමෙන්ම, නහිඩ් රණා සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගෙන තිබෙනවා.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස්කරගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 188ක් පමණයි.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511ක්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...