spot_img
spot_img

ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂට ඇප

අත්අඩංගුවට පත් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මතයි.

සැකකාර අසංක අබේගුණසේකර මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, නඩුව අගෝස්තු 09 වැනිදා යළි කැඳවීමට අධිකරණය එහිදී නියෝග කළා.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අසංක අබේගුණසේකර මහතා අත්අඩංගුවට ගැණුනේ, බදු නොගෙවීමේ චෝදනා යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි.

ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් භාරයට පත් කෙරිණා.

සැකකරු අත්අඩංගුවට ගැනුණේ, දෝහා සිට මෙරටට පැමිණි අවස්ථාවේදීයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...