spot_img
spot_img

උද්ධමනයේ වැඩිවීමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

තවද, 2024 මාර්තු මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් දක්වා වැඩි වී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...