spot_img
spot_img

ඡන්දේ ළං වෙනකොට ජනපති රනිල් කියන ඒවා වගකීම් රහිත වෙලා

ජනාධිපති රනිල් වික්‍රමසිං මැතිවරණ ළං වෙනකොට වැටුප් වැඩී කිරිම් ගැන වගකීමක් සහිතව මෙචිචර කල් කරපු කතාව වගකීමක් රහිතව කරන බවක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (17) දින සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා“
අපි මුල සිටම අයි.ඒම්.ඒෆ් ඒකට විරැද්ධව ඡන්දය දුන්නේ නැහැ. අපේ අනෙක් විරැද්ධ පක්ෂයේ අය ඡන්දය දුන්නට ඇයි අපි විරැද්ධව ඡන්දය දුන්නේ නැත්තේ අපිට අවබෝධ වුණා අයි.ඒම්.ඒෆ් ඒකත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න ඔින කියලා. අපි ජයග්‍රහණය කළායින් පස්සේ අපිට නිල වශයෙන් මෙම සාකච්ඡා ඉදිරියට අරගෙන යන්න පුලුවන් අපේ රජයක් යටතේ. අපි නුදුරේදීම කොහොමද බදු වෙනස්කම් කරන්නේ කියලා ජනතාව දැනුවත් කරනවා. රැපියල් 25000 කින් පඩි වැඩි කරන කතාවක් ඔබතුමා ප්‍රකාශ කර තිබෙනවා. අපි ඒ ගැන සොයලා බැලූ විට ජීවන වියදම් දීමනාව 17500 සිට 25000 දක්වා යෝජනාවක් තියෙනවා කියලා ඔබ තුමාම කියනවා කිසිම විදිහකින්පඩි කරන්න බෑ. ඒහෙම උනොත් රට බංකොලොත් වෙනවා කියලා. පඩි වැඩි කිරීම බදු අඩුකිරීම වැනි ප්‍රකාශ ඡන්දය ලංවෙලා ඔබ තුමා ප්‍රකාශ කරනවා. වගකීමක් සහිතව මෙචිචර කල් කරපු කතාව වගකීමක් රහිතව කරන බවක් තමයි අපිට දැන් පෙනෙන්නේග ජනතාව දැන ගන්න ලැබිච්ච ඒක අතිශයින්ම හොදයි. මොකද අපි ඒදා ඉදන්ම කිව්වා මේකේ ඉස්පිලි පාපිලි වෙනස් කරන්න පුලුවන් කියපු සජබ ජනතාව ඉදිරියේ ඔප්පු කර තිබෙනවා. ඒ්කට ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඉතාම ගැඹුරින් මේ බදු ප්‍රතිපත්තිය විශ්ලේෂණය කළා. රජයට ලැබිය යුතු ආදායම ප්‍රමාණය ඒ් ආකාරයට තියා ගන්නේ කොහෛාමද ඒ් අනුව අපිට තිබෙනවා වැඩපිළිවෙලක් තව නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...