spot_img
spot_img

අරුණ දර්ශන සහභාගිවන අවසන් පූර්ව වටය අද

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

ඒ අනුව ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11. 05ට පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වන්නේ.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.05ට පමණ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වට එක්වූ අතර, ඔහු තත්පර 44.99කින් තරගය අවසන් කරමින් තුන්වන ස්ථානයට පත්වුණා.

මෙය අරුණ දර්ශනගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වනවා.

මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වූයේ තත්පර 45.30ක්.

ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තත්පර 45ට අඩුවෙන් අවසන් කළ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙසත් ඔහු වාර්තා අතරට එක්වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...