spot_img
spot_img

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සදහන් කර තිබුණි.

කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.

ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බව ද මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළ ව මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

අද පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය සෙනසුරාදා සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ද කැඳවා මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...