spot_img
spot_img

මංතීරු කඩකිරීම හේතුවෙන් අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේය.

සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපරෛාත්තුවත් සමඟ අරුණ දර්ශන ඊයේ රාත්‍රී 11.05ට පමණ ක්‍රීඩාංගණයට පිවිසියේය.

එම ඉසව්ව අවසන් කිරීමට අරුණ ගතකල කාලය තත්පර 44 යි දශම 7යි 5කි.

එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්වුණු අතර ඔහුගේ දක්ෂතාව දෙවැනි වුණේ සුගත් තිලකරත්නට පමණයි.

නමුත් එම තරගයේදී අරුණ, ධාවන මංතීරු නිති උල්ලංගණය කර තිබීම හේතුවෙන් අරුණගේ එම දක්ෂතාව අවලංගු කිරීමට තරග සංවිධායකයන් කටයුතු කළේය.

ඔහු එම තරගයෙන් පස්වෙනි ස්ථානය හිමිකර ගත්තේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...