spot_img
spot_img

අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වනවට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සඳහන් කළේ, මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.

මෙහි වගඋත්තරකරුවන්ට නියම කර ඇත්තේ, විකල්ප දඩුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළා.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා දින මාස 06‍ක සිරදඬුවම් නියම කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...