spot_img
spot_img

අනුර රනිල්ගේ රෙදි ගලවයි

මෙරට පවතින කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පෙනී සිටින බ​ව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රජයේ කාර්යාල සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇති බවයි.

ඔහු ඒ බව කියා සිටියේ,අද (13) පෙරවරුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

විපක්ෂ නායකවරයා විපක්ෂ නායක කාර්යාලය ජනාධිපතිවරණ ප්‍රචාරයට යොදාගනිමින් සිටින බවත් ඒ සියලු දෙනා රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපළ යොදවා ගනිමින් කටයුතු කරන ආකාරය සියලු දෙනාට දැකගත හැකි බවත් අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ප්‍රචාර දීමේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ කාලයක් දීමේ වගකීම මාධ්‍යයටත් පැවරී තිබෙන බව​ත් ඇතැම් මාධ්‍ය ආයතන තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනයට සමස්ත මාධ්‍ය ජාලයම යොදවා ඇති බවද ඔ​හු සඳහන් කළා.

තෝරා ගත් අපේක්ෂකයාට අභියෝගයක් වන්නේ යැයි කල්පනා කරන අනෙක් දේශපාලන කඳවුරට අසත්‍ය, අභූත චෝදනා එල්ල කරමින් සිටින බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා එයත් බාධාවක් මෙන්ම මේ වන විට ඡන්දදායකයන්ට අල්ලස්දීමේ ක්‍රියාවලියකුත් ආරම්භ කර තිබෙන බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.

ඔහු පවසන්නේ, බරපතළ ගැටුම්කාරී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ඇතිවෙයි කියලා අනුමාන නොකරන බවත් ආණ්ඩුවට මහජන බලයක් නොමැති වීම නිසා එවැනි ප්‍රවේශයක් ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

මහජන බලය ශූන්‍ය වූ දේශපාලන ව්‍යාපාරයකට එවැන්නක් කිසිසේත් කළ නොහැකි මෙන්ම පොදුවේ මැතිවරණ ව්‍යාපාරය සාධාරණ වේ යැයි බලාපොරොත්තු නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ මතය නිරවුල්ව ප්‍රකාශ කරගැනීමට පසුබිම සකස් කරමින් මැතිවරණ ක්‍රියාවලියේ එම පක්‍ෂය යෙදෙන බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...