spot_img
spot_img

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට තවත් ප්‍රකාශයක්

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රො සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව ඊයේ (19) දිනයේ එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

එමඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට ස්තූතිය පළ කර තිබේ.

මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව අදාළ රටවල් සමූහය සිය ප්‍රකාශය මඟින් දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් හඳුන්වාදෙන නව නීති සකස් කළ යුත්තේ සැමගේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මානව හිමිකම් ආරක්ෂ වන ආකාරයෙන් බව එම ප්‍රකාශයේ සඳහන්ය.

යාපනය අධි ආරක්ෂිත කලායේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන එම රටවල් උතුරු සහ නැගෙනහිර ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ද දැනුම් දී තිබේ.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, අක්‍රමවත් සෝදිසි කිරීම් සහ පොලිස් මෙහෙයුම් අතරතුර රඳවා තබා ගැනීම පිළිබඳව කනස්සල්ල පළ කරන බව සිය ඒකාබද්ධ වාර්තාව ඉදිරිපත් කරමින් අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රො සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් වැඩිදුරටත් දැනුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරය පෙරේදා දිනයේ ආරම්භ වු අතර එය ලබන මස 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...