spot_img
spot_img

තවත් වංචාවක් හෙළිවෙයි – අහුවෙන්නනම් එපා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන රැකියා ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වංචනික ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

මුහුණු පොත ඇතුළුව අන්තර්ජාල සේවාවන් ඔස්සේ පළකර තිබෙන දැන්වීමකට අනුව එහි සේවය කිරීමට ඇති ස්ථානය මුල් පිටුව කාර්යාලය ලෙස සඳහන් කර ඇත.

මෙම රැකියාව අන්තර්ජාලය ඔස්සේ කරගෙන යෑමට අවශ්‍ය වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් බවද එම දැන්වීමෙහි සඳහන් කර ඇත.

වට්සැප් මාර්ගයෙන් මෙම රැකියා ව්‍යාපෘතිය හා සම්බන්ධ විය හැකි බවත් දෛනිකව ක්‍රියාත්මක මෙම අර්ධ කාලීන රැකියාව මගින් දෛනිකව රුපියල් 17,500ත් 46,000ත් අතර මුදලක් පහසුවෙන් උපයාගත හැකි බවද එහි සඳහන් කර ඇත.

මේ සඳහා සම්බන්ධ වන්නන් හට සෑම දිනකම මිනිත්තු 3කදී තමන්ට හිමි කොමිස් මුදල ලබාගත හැකි බව සඳහන් කර තිබුණ ද මෙම රැකියාවේ තත්ත්වය කුමක්දැයි දැන්වීම් කරුවන් විසින් සඳහන් කර නොමැත.

මීට සම්බන්ධ වන්නන් ඒ සදහා ලියාපදිංචි වීමට රුපියල් 2,000ක මුදලක් කිසියම් ගිණුමකට බැර කළ යුතුව තිබෙන අතර ඉන් පසුව ඔවුන් සමඟ සම්බන්ධ වූ දුරකථන සබඳතාව මෙම වංචනික ජාවාරම්කරුවන් විසින් විසන්ධි කර දමන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ බවට පළ කර තිබීම හේතුවෙන් මේ වන විට මෙම අන්තර්ජාල වංචාවට විශාල පිරිසක් හසු වී තිබෙන බවද වාර්තාවනවා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...