spot_img
spot_img

ඩිල්ෂාන්ගෙන් ආයෙත් පිම්මක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අලුතින් පිහිටුවන ලද දේශපාලන පක්ෂයට එක්වී තිබෙනවා.

ඒ අනුව මෙවර ඔහු රන්ජන් රාමනායක මහතා පිහිටුවා ගෙන තිබෙන නව පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය සමඟ අද (09) එක්වුණා.

තිලකරත්න ඩිල්ෂාන් එම නව පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

කෙසේවෙතත් තිලකරත්න ඩිල්ෂාන් මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වුණා.

එමෙන්ම මයික් ලකුණින් තරඟ කරන එම පක්ෂයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාද එක්ව තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා විසින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් පක්ෂය නිල වශයෙන් දියත් කරනු ලබන අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...