Thursday, April 23, 2026
spot_img
spot_img

හෙදියකට කතුරකින් පහර දුන් ශල්‍ය වෛද්‍යවරයාට නියෝගයක්

කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව, අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි හෙදියට රුපියල් 50,000/-ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බව කුරුණෑගල මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.

එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත්ට ඊට අමතරව වෛද්‍යවරයා විසින් හෙදියට රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් වී තිබුණා.

කුරුණෑගල මහා රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයට අනුයුක්තව සේවය කරන හෙද නිලධාරිනියක විසින් ගොනුකොට ඇති පෙත්සමක තීන්දුව දෙමින් විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ, 2019 වසරේ මාර්තු මස 12 වනදා දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සැත්කමක් සිදුකිරීම සඳහා තමා වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයට ගිය බවයි.

පෙත්සම්කාරිය කියා සිටියේ, එම සැත්කම කරන අවස්ථාවේදී අස්ථි කපා දැමීම සඳහා කතුරක් වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලා සිටි බවත්, තමා එම කතුර ඔහුට ලබා දුන් අතර එම කාර්යය සිදුකිරීමෙන් පසු තමා විසින් එම කතුර ට්‍රොලියේ තැබු බවයි.

එම අවස්ථාවේදී වග උත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා තමා අමතා “මම කිව්වේ ඕක මෙතන තියන්න කියලා” යැයි සඳහන් කළ බවත් ඉන් අනතුරුව ඔහු එම කතුර ගෙන තම හිසට දමා ගැසීම හේතුවෙන් තම හිසෙන් ලේ ගලන්නට පටන් ගත් බවත් පෙත්සම්කාරිය චෝදනා කළා.

මෙම සිද්ධියෙන් පසු සහෝදර හෙදියක් පැමිණ තමන්ව එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගිය අතර, පසුව රෝහල් ගත කළ බවත් පෙන්වා දෙන පෙත්සම්කාරිය දින දෙකකින් පසුව රෝහලින් පිටවී ගිය බවත් සඳහන් කර සිටියා.

මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකරමින් වග උත්තරකාර වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම ක්‍රියාව තමා හිතාමතා සිදුකළ දෙයක් නොවන බවයි.

එහෙත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ, සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි රෝහල් සේවකයින් දෙදෙනෙකු දිවුරුම් ප්‍රකාශය ලබාදී ඇති බවත්, සිද්ධිය වූ අවස්ථාවේ වග උත්තරකාර වෛද්‍යවරයා කෝපාවිෂ්ට වී කතුර රැගෙන පෙත්සම්කාර හෙදියට පහරදී ඇති ආකාරය අනාවරණය වූ බවයි.

ඒ අනුව, වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සිද්ධිය වූ අවස්ථාවේ ඉතා කෝපාවිෂ්ඨව කටයුතු කර තිබෙන ආකාරය මනාව පැහැදිලි වන බවත් ඔහු කතුරෙන් පෙත්සම්කාරියට පහරදී ඇති බව තහවුරු වන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියා.

ඒ අනුව, අදාළ වෛද්‍යවරයා විසින් පෙත්සම්කාර හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ බහුතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...