spot_img
spot_img

පාඨලිගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි මස 28 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවකට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වන පාඨලී චම්පික රණවක අධිකරණයේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී විත්තාකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාල නඩුව පෙබරවාරි මස 28 වන දා කැඳවන ලෙස නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...