spot_img
spot_img

ශ්‍රීලනිප ලිපි ගොනු කිහිපයක් අතුරුදන්වීම ගැන විමර්ශනයක්

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කීපයක් අතුරු දහන්ව ඇතැයි, එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

මේ අතර මරදාන පොලිසිය පැවසුවේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබුණු ඊයේ (05) දිනයේ දී ඊට අදාළව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

එසේ ම එම පැමිණිල්ලට අදාළව සිදු කරන වී මෂණ වලට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කිහිප දෙනෙක් ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉකුත් දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...