spot_img
spot_img

බිත්තර පරිභෝජනයේ වැඩි වීමක්

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට දෛනිකව කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක් වූ අතර පසුගිය මාස කිහිපය තුළ එම ප්‍රමාණය බිත්තර මිලියන 08 ඉක්මවා ඇතැයි වාර්තාවන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

සංචාරක කර්මාන්තය තුළ මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම, පසුගිය කාලය තුළ විවිධ හේතුන් නිසා මස් හා මාළු මිල ගණන් වරින්වර ඉහළ යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර ලෙස පසුගිය කාලය තුළ මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම කරුණු අවධාරණය කළා.

කෙසේ වුවද බිත්තර, කිරි හා මස් පරිභෝජන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයකින් නිසි තොරතුරු සමීක්ෂණයක් කර නැති නිසා ඒ පිළිබඳව පාරිභෝගික සමීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දුන්නා.

එමෙන්ම දැනට මාසිකව කුකුළු බිත්තර මිලියන 15ක් පමණ අපනයනය කරන බැවින් එම ප්‍රමාණය කිසිසේත්ම අඩු නොකරන ලෙසත්, බිත්තර අපනයනය කිරීම මගින් විදේශීය වෙළෙඳපල තුළ අප රටට හිමි ස්ථානය අහිමි කර ගැනීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...