spot_img
spot_img

රනිල්ට සහය දෙන්න නිදහස් පක්ෂයෙන් සන්ධානයක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව “පොදුජන එක්සත් පෙරමුණ” නමින් නව සන්ධානයක් අද (14) කොළඹ පැවැති රැස්වීමකදී පිහිටුවා.

එම සන්ධානයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කර තිබෙනවා.

පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ වල එකතුවෙන් නිර්මාණය වූ පක්ෂයක්.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වී සිටියා.

එහි ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබෙන අතර භාණ්ඩාගාරික ධූරයට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පත් කර තිබෙන බවට වාර්තා වනවා.

තවද 21 දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් මෙයට ඇතුළත්.

මේ අතර පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා කුරුණෑගල දී සදහන් කළා.

ඒ හිටපු බුද්දසානන අමත්‍ය ගාමිනි ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් අසන්ග පෙරේරා මහතා සංවිධානය කල රැස්වීමකදීයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...