Saturday, April 25, 2026
spot_img
spot_img

මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ පණිවිඩයක්

එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත,මෙන්ම කිසිදු හැදුනුම්පතක් නොමැති කෙනෙකුට තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගොස් තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමට හැකි බවයි ඔහු පවසන්නේ.

ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස් දැක්වූ අදහස්,

“මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා ආබාධිති ප්‍රජාව සඳහා අපි නිකුත්කළා තවකාලික හැඳුනුම්පතක් ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාචිච්චි කිරීමේ හැකියාව තියෙනවා.”

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...