spot_img
spot_img

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් එක් ලක්ෂ 50000කට අධික උපාධි අපේක්ෂකයින්ගේ උපාධිය සැලසුම් කළ කාලයට අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මීට අමතරව, මෙවර උසස් පෙළ සමත්වන පිරිසට උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීමේ විස්තර ඇතුළත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කිරීමද වර්ජනය හේතුවෙන් ප්‍රමාද වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, අනධ්‍යන සේවකයින් ගැටලු විසඳීම සඳහා අවශ්‍ය යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මේ වනවිට ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමතුවේ සම කැඳවුම්කරු ධම්මික එස් ප්‍රියන්ත මහතා සඳහන් කළේ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, අද 16 වැනි දිනටත් තම සාමාජිකයින් වැඩවර්ජනයේ නිරත වන බව ඔහු ප්‍රකාශ කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...