spot_img
spot_img

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම සහ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නාය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

ඉන්දීය සමාගමක් සමග ඇති කරගත් ගිවිසුමක් ඉන්දීය රජය සහ මෙරට රජය සමග ඇති කරගත් ගිවිසුමක් ලෙස සැලකීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය නීති විරෝධී මෙන්ම අදූරදර්ශී බව හෙයින් අදාළ සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලැබූ කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, දිලෙන පාත්‍රගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් වල වගත්තරකරුවන් වශයෙන් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ඉන්දීය සමාගමක් වන ‘අදානී’ සමාගම මන්නාරම ප්‍රදේශයේ සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදි කිරීමට යෝජනා කර ඇතැයිද එම ප්‍රදේශයේ සුළං බලාගාර ඇති කිරීමේ ව්‍යාපෘතිය හේතූවෙන් එම ප්‍රදේශය හරහා ලංකාවට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට විශාල හානියක් විය හැකි යැයිද ස`ඳහන් කරන පෙත්සම්කරුවෝ කුරුල්ලන්ගේ ජීවිත හානි වීමේ මේනම තුවාල වීමේ අවධානමක් ඇතැයිද සඳහන් කරති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...