spot_img
spot_img

මහ ඡන්දෙට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබේ.

ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

එමෙන්ම, දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 94ක් ඊයේ දිනය වනවිට නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මහ මැතිවරණයට අදාළව එක් එක් අපේක්ෂකයින් විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී දැනුම්වත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

නාමයෝජනා භාරදීම සිදුකරනු ලබන කාලසීමාව තුළ දිවයින පුරා පිහිටි සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

මේ අතර මහ මැතිවරණයේ සම්බන්ධිකරන කටයුතු දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හරහා සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...