spot_img
spot_img

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

උපුටා ගැනීම පහතින්,

” 2023 අංක 4 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 123(8) වගන්තිය යටතේ නිකුත් කරන ලද 2024.03.21 දිනැති අංක 2376/25 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (CGIR) වෙත නිතිපතා ලබා දිය යුතු තොරතුරු මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් නියම කර ඇත. රජයේ ආයතන ඇතුළු තැනැත්තන් විසින් ගැසට් නිවේදනයේ I වන උපලේඛනය මගින් නියම කර ඇති තොරතුරු II වන උපලේඛනයෙහි සඳහන් කොන්දේසිවලට යටත්ව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (CGIR) වෙත අන්තර්ජාලගත වේදිකාවක් (web-based platform) මගින් හෝ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (CGIR) විසින් අනුමත කරන ලද වෙනත් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් (electronic platform) මගින් හෝ ලබා දිය යුතුය. ඒ සඳහා අවශ්‍ය අන්තර්ජාල සබඳතාව / තොරතුරු ලබාදෙන ක්‍රමය පසුව දැනුම් දෙනු ලැබේ.

එකී ගැසට් නිවේදනයට අනුව, පහත සඳහන් තැනැත්තන් / රාජ්‍ය ආයතන විසින් එම තොරතුරු සැපයිය යුතුය.
1. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල්.
2. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්.
3. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්.
4. භාණ්ඩ, වැඩ, හෝ උපදේශන සහ උපදේශන නොවන සේවා සැපයීම සඳහා කොන්ත්‍රාත් ලබා දීම භාරව සිටින ඕනෑම රාජ්‍ය ආයතනයක නිලධාරීන්,
5. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළු ඕනෑම මූල්‍ය ආයතනයක්.
6. කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති.
2024.03.21 දිනැති අංක 2376/25 දරන ගැසට් නිවේදනයෙහි I වන උපලේඛනය යටතේ තොරතුරු සැපයීම ආරම්භ කරනු ලබන දිනය 2024.07.01 වන දින බව ඔබට මෙයින් දැනුම් දෙනු ලැබේ.
මෙම ප්‍රසිද්ධ නිවේදනය අතිවිශේෂ ගැසට් නිවේදනයේ II වන උපලේඛනයේ 4 වැනි අයිතමයේ දක්වා ඇති පරිදි නිකුත් කර ඇති අතර පහත සබැඳිය හරහා ගැසට් පත්‍රය බාගත කළ හැකිය.
http://documents.gov.lk/files/egz/2024/3/2376-25_5.pdf
තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර IRD ඇමතුම් මධ්‍යස්ථානය (1944) අමතන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...