spot_img
spot_img

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවස්තාවක් ඇති වූවහොත් ක්‍රියාකිරීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ වන විට ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවත් ඉන් 70%ක් පමණ සාත්තු සේවකයන් ලෙස සේවය කරන්නන් බවයි.

නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉතිරි 30% කෘෂිකාර්මික සහ ඉදිකිරීම් අංශයන්හි සේවය කරන බවයි.

මේ අතර, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙනවා.

කිසියම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගැනීමට හැකියා පවතිනවා.

එම්. එච්. එම්. එන්. බණ්ඩාර -තානාපති
වට්ස්ඇප් අංකය – +9471 664 0560

ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක – නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි
වට්ස්ඇප් අංකය – +9471 844 7305

වයි. සී. නිල්මිණි අබේගුණවර්ධන – උපදේශක
වට්ස්ඇප් අංකය – +9471 683 3513

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...