spot_img
spot_img

ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක්

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ ‍කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ එම චක්‍රලේඛය නිකුත් කරන බවයි.

මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සහ ආයතනවල කටයුතු පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව උපදෙස් එම චක්‍රලේඛයෙන් දැනුම්දීමට නියමිතයි.

අදාළ චක්‍රලේඛය මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා සඳහන් කළා.

මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට සඳහා අවශ්‍ය නියෝග සහ උපමාන ද එම චක්‍රලේඛය මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඊට අමතරව, මාධ්‍ය ආයතන ද ජනාධිපතිවරණ කාලසීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද එම චක්‍රලේඛයෙන් දැනුම්දෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...