spot_img
spot_img

ඡන්ද විමසීම ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් රට තුළ මැතිවරණ නීතිය තවමත් බලාත්මක පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 “ඒ” වගන්තිය ප්‍රකාරව මෙම නීතිය බලාත්මකව පවතින බවයි.

මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක්, අපේක්ෂකයෙක්, ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වාදෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවට සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් හා චක්‍රලේඛයක් මඟින් දැනුවත් කර ඇති බවයි.

2313/32 දරණ ගැසට් පත්‍රය සහ 2023 ජනවාරි මස 05 වන දින නිකුත් කළ අංක 20 දරණ චක්‍රලේඛය ඒ අනුව තවදුරටත් බලාත්මකව පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මෙම කාලසීමාව තුළදී මැතිවරණ නීති කඩවන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම ඉදිරි ඡන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විධිවිධාන සහ චක්‍රලේඛවලට අනුගතව කටයුතු කරන ලෙසද සියලු පාර්ශයයන්ගෙන් එම කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...