spot_img
spot_img

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

තමන් ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දැමේ.

ඒ අනුව අඛණ්ඩව අප්‍රෙල්, මැයි සහ ජුනි මාසවලට අමතරව මෙම මාසයේදීත් මෙලෙස ගෑස් මිල ගණන් අඩු කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

මාසිකව සිදුකෙරෙන මිල සංශෝධනයට අනුව ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම අද කටයුතු කළේය.

ඒ අනුව ලිට්‍රෝ සමාගමෙහි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 3,690කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 694කි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...