spot_img
spot_img

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2025.01.01 වන දින සිට රජය විසින් ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව E ගමන් බලපත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීමේ ක්‍රමවේදය පහත දැක්වෙන පරිදි නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

ජූලි 16 වන දින සිට ගමන් බලපත් අයදුම් කිරීම සඳහා https://www.immigration.gov.lk/ සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකළ හැකියි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...