spot_img
spot_img

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප තැම්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනු ලබනවා.

එහිදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසත්, සරත් කීර්තිරත්න ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසත් ඇප මුදල් තැම්පත් කර ඇති බවයි.

එමෙන්ම, අහිනව නිවහල් පෙරමුණ නියෝජනය කරමින් ජනපති අපේක්ෂකයා ලෙස ඕෂල ලක්මාල් අනිල් හේරත්ද, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය වෙනුවෙන් ඒ. එස්. පී. ලියනගේද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මෙරට විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසුම හෙවත් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනි දින සිදුකරන බවට මැතිවරණ කොමිසම නිල වශයෙන් අද (26) ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරනු ලැබුවා.

මෙවන් වටපිටාවක් තුළ ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා සම්බන්ධයෙන් වන අවසන් තීරණය එළඹෙන සඳුදා දින රැස්වී තීරණය කරන බවයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...