spot_img
spot_img

උප්පැන්න සහතික නොමැති ළමුන් වෙනුවෙන් වැඩසටහනක්

උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව දිවයින පුරා උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගනිමින් ඔවුනට එම සහතික ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.

මේ වන විටත් සැලකිය යුතු ළමුන් පිරිසක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම ක්‍රියාවලිය මෙම මාසය පුරා සිදු කෙරෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, වැඩසටහන ඔස්සේ ඔක්තෝබර් මාසය පුරා ලබා දෙන උප්පැන්න සහතික සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...