spot_img
spot_img

පොලීසියට අල්ලස් දෙන්න ගිය අයෙකුට අත්හිටවූ සිරදඬුවමක්

පොලිස් නිලධාරියෙකුට අල්ලස්දීමට ගිය පුද්ගලයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කර එය වසර 15කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

පසුගිය 26 වනදා එම නියෝගය ලබාදී තිබුණි.

චූදිතයාට විරුද්ධව චෝදනා ගොනුකර ඇත්තේ, ගංජා කිලෝග්‍රෑම් 6ක් සන්තකයේ තබාගැනීම සහ ගංජා වගාකිරීම යන වැරදි සම්බන්ධයෙන් නීතිය මගින් කටයුතු නොකර සිටීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙකුට අල්ලස් වශයෙන් රුපියල් 5,000ක මුදලක් පිරිනැමීමට සම්බන්ධයෙනි.

එම චූදිතයා සියලුම චෝදනා පිළිගෙන ඇති අතර මහාධිකරණය තවදුරටත් ඔහුට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇති අතර දඩ නොගෙවන්නේනම් අමතර මාස 03ක සිර දඬුවම් ද නියම කර ඇත.

තවද අල්ලස් වශයෙන් පිරිනැමූ මුදල රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...