spot_img
spot_img

සියලු රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් – ඒ අස්සේ ලංකාවේ වෛද්‍යවරු රට හැර යාමේ සූදානම් ගැන අලුත්ම ආරංචිය මෙන්න

ලංකාවේ වෛද්‍යවරු 7,000ක පමණ පිරිසක් රට හැර යෑමට තීරණය කර ඇති අතර මේ වන විටත් වෛද්‍යවරු 2,000ක් පමණ රටහැර ගොස් විදෙස් රටවල සේවය කරති. තවත් වෛද්‍යවරු 5,000ක පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු කියා සිටියේ, 2025 අය-වැය ප්‍රතිපත්තිය මඟින් වෛද්‍යවරුන් ගේ අයිතිවාසිකම් ලබාදෙන්නට රජය පියවර නොගන්නේ නම් රට පුරා රෝහල්වල වෛද්‍යවරු 7,000ක පිරිසක් හිඟවන බවයි.

එමෙන්ම වෛද්‍යවරු රට තුළ රැඳී සිටීම දිරීමත් කිරීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම ඉලක්ක කරගනිමින් අය-වැය 2025 වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

මෙම යෝජනා රජයේ වෛද්‍ය නිලධාරර්න්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව වෛද්‍ය සුගතදාස පවසනවා.

මේ අතර සියලු කාණ්ඩවල වෛද්‍යවරු වෙනුවෙන් සුදුසුකම් කාර්ය සාධනය සහ වෙළෙඳ පොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ දීමනාව යාවත්කාලීන කිරීම සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා.

සියලු කාණ්ඩවල වෛද්‍යවරු රාජ්‍ය සේවයේ අනෙකුත් විධායක නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් හිමිකරදී ඇති 22/99 චක්‍රලේඛයට අන්තර් ග්‍රහණය කිරීම සිදුකළ යුතු බව ද සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරී දීමනාව උපයා ගැනීමේදී මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරන ක්‍රම වේදයක් ස්ථාපිත කරන ලෙසද අප ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

එමෙන්ම පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවේදී ලබාදෙන ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කිරීම, සීමාවාසික වෛද්‍යවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීම, සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා නිවැරැදි කිරීම, වෛද්‍යවරු ඇතුළු වෘත්තිය වේදීන්ට තීරුබදු සහන සහිත බලල්පත්‍ර යටතේ, මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම, වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවැත හඳුන්වා දීමද සිදුකරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...